Posts

Showing posts from November, 2024

සොයමි ඔබ වීසි කළ මගේ හදවත

 සොයමි ඔබ වීසි කළ මගේ හදවත ...... තබා මිණි රන් බදුනක ගවසා රතු රෝස කිණිත්තක් රන්වන් අහස් වියමන් මැද නුඹට පිදූ මා අමිල හදවත..... නුඹ වීසි කළ මිටියාවතේ  සොයමින් සරන්නෙමි කදුළු හැංගූ නිම්නයේ සීතලට තෙමෙන්නෙමි සුසුම් දෝංකාර නගනා සද නිසසලව සවන් දෙමි බියක් දුකක් නොදැනේය මට දැනෙන්නට හදවතක් කොහිද මට.....     ශිරන්ති රන්පනාදෙණිය 

පලංචිය නුඹ කන්න දීපූ...

Image
පලංචිය නුඹ කන්න දීපූ... පිරිමිකම ගැන දෝස තිය තිය ගෙදර බුදුනුත් අහක බැලුවා අතේ පටලන් පුංචි හාවිය වගේ යන හැම තැනම රැක්කා පාය ගෙන පුන්සද වගේ නුඹ හතර අත දිස්නෙට බැබලුවා අකුරු අහුලන් එන්න නොගිහින් මං මුලා වැල් පෑගී තිබුනා හිසේ සායම් ලාටු උලලා උන්න කුමරෙක් චාටු දොඩලා පුංචි පැටියෙක් කුසට එනකල් ගිය ගමන් දුර ගිහින් තිබුනා තවම කැකුළක් නුඹත් මට නම් හීන ඔක්කොම කඩන් වැටුනා වැහි වතුර තෙමු පලංචියේ මගේ දෙපා අවසග වෙලා වැටුණා මහගෙදර වාගේම හුරුපුරුදු පලංචිය ඇස් පියන් නැගපූ තැබූ අඩියක් ගානේ හදවත මහා බර කද දරන් උන්නූ ලොවේ තනි වෙන කැකුළු දෙකකට ජාතකේ නම දෙන්න හිටපූ දෙස් දෙවොල් මම දෙන්නේ කොහොමද පලංචිය නුඹ කන්න දීපූ...             ශිරන්ති රන්පනාදෙණිය

හුරුපුරුදු තනිකම මට අගේ...

Image
හුරුපුරුදු තනිකම අනේ මට අගෙයිලූ..... දුක හිතුණාට නෙත් අගට  කදුළු තහනම් ලූ නිදි වැරුවාට  දහවලේ  නින්ද සරි නෑලූ ගත රිදුනාට  කිසි කලෙක  මැසිවිලි නොමනාලූ සිත තුටු දාට  වුව කොක් හඩ  නම් අකැපයිලූ.... පුංචි ලේ බිදුවටත් හඩ දීලා පල නෑලු ඝන කළුවරට මං   දැන් පුරුදු විය යුතුලු මහා ගල් කදු වගේ බර උසුලන්න සිදු වේලු අපහාස ගැරහුම්ද සවනතට නොගන්නලු.... මහා ගෝසා කරන්  මහගෙදර දොස් බිදපු අප්පච්චී තුරුලේම රජ කුමරි සැප විදපු කිරිල්ලක වගේ නිල් අහසේ අත්තටු ගහපු හුරුපුරුදු තනිකම   අනේ මට අගෙයිලූ....                                    ශිරන්ති රන්පනාදෙණිය 

යකාගේ කතාවක් ...

Image
යකාගේ කතාවක්          එරන්දි විජිතගේ පුංචි අම්මාගේ දුව. පොඩි කාලේ ඉඳන්ම ගෙවල් එක ළඟ හින්දා ද කොහෙද එක කුස උපන් සහෝදරයන් ගාණට බැඳීම. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ විජිත  එහෙදි මුණ ගැහුණු ප්‍රියංකා එක්ක  ආදරයෙන් වෙලිලා දෙන්න විවාහ වෙලා කොළඹ ආසන්නයේ පදිංචියට ගියා. මඟුල් දා අයියා නගෝ බදා ගෙන ගොඩක් වෙලා ඇඬුවා. එරන්දි හරිම නිදහස් විනෝදයට බර චරිතයක්. "හරි.. හරි දැන් ඇඬුවා ඇති. මාසෙකට දෙතුන් පාරක් මම එහේ විසිට් එකක් දාන්නම්කෝ". ඇය කිව්වෙ විජිතවත් හිනස්සන ගමන්. කිව්වා වාගේම දෙල් ගෙඩියක්, රඹුටන් ටිකක්, නෙළුම් අල ටිකක් අරගෙන අලුත් ජෝඩුව බලන්න ඈ කොළඹ ආවා ගියා. ප්‍රියංකාත් මේ අයියා නඟාලගේ බැඳීම ගැන දන්නා නිසා ආදරෙන් නෑනව පිළි ගත්තා. ඔය අතර ටික ටික එරන්දි ගේ පැමිණීම අඩු වුණා. හන්දියේ පොත් කඩේක සේවය කරපු ඇය රැකියාවට යන්නෙත් කලාතුරකින්ලු. "යකෙක් වැහිලා පුතේ.. පව්.... මගේ කෙල්ල අනං මනං දොඩෝනවා". පුංචි අම්මා කිව්වේ හැඬූ කඳුළින්. "තොවිලෙකුත් කෙරුවා නූල් මැතිරුවා. කෝ.... මේ ගුණයක් නෑනේ."         " අලුත් සමාජයේ ඕවා කරලා ...

දොළ දුක

අම්මලාගේ දොළ දුක .... "දොළ දුක" කියන වචනේ ඇහුනු ගමන් ලොකු ලුණු කැටයක් එක්ක දත් හිරි වැටෙන හොදට පැහුණු අඹ ගෙඩියක් හෝ කෙසෙල් කොළයක් තවලා ඔතපු  සුවද,...රස බත් මුලක් තමයි සිහියට එන්නේ.ඒ වචනය කළින්  අහලා තිබුණත් ඒකේ අර්ථය මං හරියටම දැන ගත්තේ මීට අවුරුදු විසි අටකට පෙර සිදු වුණු සිද්ධියක් නිසයි.මං විදේශ ගත ජීවිතය අරඹපු අළුතම වාගේ අපේ හිතවත් ලාංකික සහෝදරයෙක් නිවාඩුවට ලංකාවට ගිහින් ආවා.ඒ කාලේ දැන් වගේ හැම එලවලුවක්ම හැම දෙයක්ම මේ රටවල මිල දී ගන්න තිබුණේ නෑ.ඉතින් ලංකාවට ගිහින් එන අය සූට්කේස් පුරවලා උයපු කෑම ගෙනාවා .විශේෂයෙන් කල් තියා ගන්න පුලුවන් දේවල් .මාළු ඇඹුල් තියල් ,බටු මෝජු ,අච්චාරු වර්ග ,ලුණු දෙහි ,සීනි සම්බෝල ,බැදුම් වර්ග ,කරවල මේ ආදී වශයෙන් .ඒ අයියා අලුත්ම අලුත් මැටි ඇතිලියක් පත්තර කොළ වල රෙදි වල ඔතලා පරෙස්සෙමට ගෙනත් තිබුනා .එතන හිටපු තරමක වැඩිහිටි කාන්තාවක්" අපරාදේ ඕක  පදම් කරලා ගේන්න තිබුණේ "කියලා කිව්වා ."නෑ අක්කේ මේක දරුවෙක් ලැබෙන්න ඉන්න නංගී කෙනෙකුට .එයාට මේ සුවද බලන්න ආසයි කියලා මේ ගෙනාවේ" කියලා මේ අය්යා සිනාසෙමින් කිව්වා.ටික වෙලාවකින් මේ කියපු ගැබ...