හුරුපුරුදු තනිකම මට අගේ...

හුරුපුරුදු තනිකම අනේ මට අගෙයිලූ.....

දුක හිතුණාට නෙත් අගට
 කදුළු තහනම් ලූ
නිදි වැරුවාට  දහවලේ 
නින්ද සරි නෑලූ
ගත රිදුනාට  කිසි කලෙක 
මැසිවිලි නොමනාලූ
සිත තුටු දාට  වුව කොක් හඩ 
නම් අකැපයිලූ....

පුංචි ලේ බිදුවටත් හඩ දීලා පල නෑලු
ඝන කළුවරට මං   දැන් පුරුදු විය යුතුලු
මහා ගල් කදු වගේ බර උසුලන්න සිදු වේලු
අපහාස ගැරහුම්ද සවනතට නොගන්නලු....

මහා ගෝසා කරන්  මහගෙදර දොස් බිදපු
අප්පච්චී තුරුලේම රජ කුමරි සැප විදපු
කිරිල්ලක වගේ නිල් අහසේ අත්තටු ගහපු
හුරුපුරුදු තනිකම   අනේ මට අගෙයිලූ....

                                   ශිරන්ති රන්පනාදෙණිය 


Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි