සොයමි ඔබ වීසි කළ මගේ හදවත
සොයමි ඔබ වීසි කළ මගේ හදවත ......
තබා මිණි රන් බදුනක
ගවසා රතු රෝස කිණිත්තක්
රන්වන් අහස් වියමන් මැද
නුඹට පිදූ මා අමිල හදවත.....
නුඹ වීසි කළ මිටියාවතේ
සොයමින් සරන්නෙමි
කදුළු හැංගූ නිම්නයේ
සීතලට තෙමෙන්නෙමි
සුසුම් දෝංකාර නගනා සද
නිසසලව සවන් දෙමි
බියක් දුකක් නොදැනේය මට
දැනෙන්නට හදවතක් කොහිද මට.....
ශිරන්ති රන්පනාදෙණිය
Comments
Post a Comment