රාජාලියාගේ ජයග්‍රහණයේ පියෑඹුම......
රාජාලියාගේ ජයග්‍රහණයේ පියෑඹුම.......
මෑතකදී මුහුණු පොතේ මට කියවන්නට ලැබුණු රාජාලියා පිළිබඳ විශේෂ වූද වේදනාත්මක වූද තොරතුරු කීපයක් ඔබ හා බෙදා ගන්නට සිතුවෙමි. දැනටත් ඒ ගැන දැනුවත් අය ඇති. ඒත් ඒ ගැන නොදන්නා අය ඇත්නම් මේ ඔවුන් වෙනුවෙනි.
රාජාලියන් සාමාන්‍යයෙන් අවුරුදු 70ක් පමණ කාලයක් ජීවත් වේ. නමුත් ජීවිතයේ අතරමගකදී එනම් අවුරුදු 40දී පමණ ඔවුන්ට ඉතා බැරෑරුම් තීරණයකට මුහුණ දීමට සිදු වේ. එනම් ඔවුන්ගේ නියපොතු ඉතා දිගු ලෙස වැවීම සහ නැමෙන සුළු ගතිය නිසා වෙනදා මෙන් ගොදුරු ඩැහැ ගැනීමට සහ දුර රැගෙන යාමට අපහසුතා ඇති වේ. හොටය දිගු ව උල් හැඩයක් ගන්නා අතර පපුව දෙසට නැමෙන හෙයින් හොටින් ප්‍රයෝජන ගැනීමටද අපහසු තත්වයකට පත් වේ.වයස්ගත වුණු තටු වල ඇති පිහාටු බර ගතියෙන් වැඩි වන නිසා පියාඹා යෑමට ද ගැටලු ඇති වේ. එහෙයින් ඌ ඉතා අසරණ තත්වයකට පත් වේ.
මෙහිදී ඔවුන්ට විසඳුම් දෙකක් තිබේ. එකක් නම් හාමතේ මිය යන තුරු බලා සිටීම හෝ අළුත් හොටක් ලබා ගැනීමේ වේදනාත්මක ශාරීරික විපර්යාසයට මුහුණ දීම යන කාරණයයි. මෙහිදී ඔවුන් දෙවැනි කාරණය තෝරා ගන්නා අතර මේ සඳහා ඔවුන් කලබල අඩු, නිස්කලංක, ආරක්ෂාව ඇති කඳු පෙදෙසකට ආසන්න බිත්තියක් අසළ කූඩුවක් තනා ගනී. ඉක්බිති රාජාලියා ඔවුන්ගේ මේ විශාල අභියෝගය ජය ගැනීම සඳහා උගේ හොටය පැලෙන තුරු මහත් වෙර යොදා දිගටම බිත්තියට පහර දෙන්නට පටන් ගනී. එය කෙතරම් අසීරු කටයුත්තක් වුවද ඌ දිගටම ඒ කාර්යයේ නිරත වේ.
හොටය පැලී අළුත් හොටක් වර්ධනය වෙන තුරු ඉවසීමෙන් යුතුව බලා සිටින රාජාලියා මේ අළුත් හොටය පැමිණි විගස එයින් දික්ව නැමී ගිය නියපොතු එකින්එක ගලවන්නට පටන් ගනී. එයිනුත් නොනවතින මේ කුරුල්ලා අළුතින් වැඩෙන නියපොතු වලින් තමන්ගේ පැරණි ගෙවී ගිය බර වූ පිහාටු එකින්එක ගලවන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වීමක් බලාපොරොත්තු වෙනි. මේ සියලු කාර්ය සඳහා සියළු වේදනාවන්, තුවාල සහ තුවාල කැළැල් දරා ගෙන මාස පහක පමණ දීර්ඝ කාලයක් රාජාලියා තනිවම ගත කරයි. නමුත් ඌ නැවත එතැනින් පියාඹා යන්නේ අළුතින්ම උපන් නව ජීවයක් ලැබූවකු මෙනි. ඒ රාජාලියාගේ ජයග්‍රහණයේ පියෑඹුමයි.
මෙයින් අපට උගත හැකි පාඩම් කීපයකි. අපද ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න වලට අනුගත වී ජීවත් වීමට මිස අළුත් ඇරඹුමකට බියෙන් සිටිමු. නමුත් සියළු වේදනාත්මක අත්දැකීම් හා මතක පසෙක ලා අළුතින්ම ජීවිතය ඇරඹීමට අප කිසිවිටෙකත් ප්‍රමාද නැත.සමහර අවස්ථාවලදී ඒ සඳහා අප මෙතෙක් දරා සිටි ආකල්ප සහ ගතානුගතික අදහස් ආදිය ද පසෙක ලෑමට සිදු විය හැක. සමහර විට අප තෝරා ගන්නා ඒ නව මාර්ගය දුර විය හැක. ඉතාමත් වේදනාකාරී විය හැක. නමුත් කාලයට ඉඩ දී ඔහේ මිය යනවාට වඩා උත්සාහ කර බැලීම නොවටීද? අවසානයේදී අපට ජීවිතයේ ඉතිරි කොටස හෝ ප්‍රශ්න වලින් මිදී නිදහසේ පියාඹා යා හැකි නම් කෙතරම් අගනේද?මට හිතෙන හැටියට රාජාලියා අපට කියා දෙන්නේ මේ පාඩමයි. (පරිවර්තනයකි.)
Comments
Post a Comment