සුවඳ නැති දම් පාට මල්....

  සුවඳ නැති  දම් පාට මල්....

ගමෙන් නගරෙට ඇදෙන
ගුරු පාර අද්දරම හිනැහුණූ
අවාරෙත් අඩුවක් නැතිව
මල් පිරී සෙවණම සැදූ
සහසක් පෙම්වතුන්
මුදු හාදු  හැඩ කෙරූ
දම් පාට මල් වියන
තනිවෙලා තනි මැකූ...

කිසිම සුවඳක් නැති මලක්
දිනක් පවසද්දී ළඳක්
ඒත් ලස්සන පාට
එසේ කිව් පෙම්වතෙක්
මල්  සුවඳ විය යුතුමද
දිග හැරුණු කතාවක්
ඇරඹුමක් විය එදා
නෝක්කඩු දබරයක්...

මග තොටේ ඇදෙද්දී
තුරුළු වී තවෙකෙකුට
මතකයක් වත් නැතිව
නොදුටුව  විලාසෙට
හිත දුකක් නොපෙන්වා
පෙර දාක  වගේම
සුවද නැති දම් පාට මල්
හිනැහුනා පුරුද්දට...
                             ශිරන්ති රන්පනාදෙණිය
.

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි