මන්ද්‍රි දේවී සිහිසුන්ව වැටුණාය...
මන්ද්‍රි දේවී සිහිසුන්ව වැටුණාය...
ඉරටත් කළින් ඇදී වන ලැහැබට
පලවැල නෙලන්නට මන්ද්‍රී උදෙන්
ඇඹුල් පේර,දං,කොහිකිරිල්ල
ඇඹුල් ඇඹිලියද සමග හීන් නාරං
ගමේ ගෙදරකින් සොච්චමට
ගත් පිනි ජම්බුද පොකුරු පිටින්
තැන තැන දිරූ පන් වට්ටියට අහුරා
ගියාය ඉරිදා පොළට ඈ ලැසි ගමනින්
කෑ මොර දීලාම වේලෙන උගුර
බුලත් විටි කෙළ වලින් තෙමන්
දුක්බර දෙනෙත් වෙන්දේසියේ ලා
කාසි කොට ගති හවස් වන්ටත් කළින්
හිරි වැටුණු දෙපා ගාටා සිල්ලර අරන්
ගෙදර එද්දී නාලාගිරි ගොරවයි මතින්
ජිනා දියණී ගොසින් දුරක රහසින්
කොහෙන්දෝ පැමිණි ජූජකද සමගින්
එබී බැලුවාම පිළිකන්න දෙස හෙමින්
ජාලිය දොඩයි හීන ලෝකෙක ඉදන්
සිහිසුන්ව වැටුණාය මන්ද්‍රී සැණින්
සංසාරේ තව දුරයි හිතුණාම බියෙන් ....
ශිරන්‍ති රන්පනාදෙණිය
Comments
Post a Comment