කහ පාට හීනයක් ..
කහ පාට හීනයක් ...
මතකද අපි මැවූ හීන
තෙරක් නැති හෙට දවස ගැන
ජීවිතේ සුන්දරයි
මග දෙපස කහ පාට පිරුණාම
යොවුන් ප්‍රේමය විතරමයි
ඒ කාලේ තිබුනු වත්කම
හදුන ගෙන තිබුණෙ නෑ
අපි අපිවවත් හරියටම ...
ආපසු හැරී බැලුවාම පුදුමයි
මහ දුරක් ඇවිත් නොදැනීම
ඉමක් නම් පෙනෙන්නට නැතත්
අත පොවන ළග පාත
මල් පිපී පරවුණා හැමදාම
කොළ හැලී දළු දැම්මා කහ පාට
හීන තව ඇබිත්තක් හිත කොණේ
මිරිගුවක දිළිසෙනවා දුටුවාද.....
ශිරන්ති රන්පනාදෙණිය
Comments
Post a Comment