මුතු බෙල්ලක වෙමි මා...
මුතු බෙල්ලක වෙමි මා....
නිදි වැරූ නෙත්
මටත් රහසෙම
හෙලූ කදුළක ශේෂයක්දෝ
චණ්ඩ වැලි රළ
කැපුම් ඇති කළ
වේදනාවේ සළකුණක්දෝ
ලොවට රහසෙම
දරා විද ගත්
මහා රිදුමක මතකයක් දෝ
රුවින් ගෙල මත
දිලී බැබලෙන
මුතු බිදක දුක නුඹ දනීදෝ....
වැරෙන් වැළඳ ගෙන
ගල් පවුර තව තදින්
හැපී වැදී එන
යෝධ රළ පෙළට බියෙන්
දොවා ලවණ දිය
කැපී රිදුම් දෙන තැලුම්
මුතු බිහි කර මියෙනා
බෙල්ලක වූයෙමි මම්....
ශිරන්ති රන්පනාදෙණිය
Comments
Post a Comment