හීන ලුහුබැඳ ....

හීන පැස පිරිලා....

හීන මහ බරට පටවා
දෙවුරහිස් මත්තේ
පිට  කොඳුත් කුදු වී
ඉපැදුණු දා සිටම ඇත්තේ
ගල් මුල්ද  රුදුරු හුල් සේ
අවුරාය  මග දෙපසේ
පයත් පැටලේ වැටෙයි
වරින් වර ගමනේ

ලදු කැලෑ  ගහනයි සියුම්
කටුද එහි ඇත්තේ
සියොළගම හීරෙයි දැවෙයි
ගලයි   තව රතු ලේ
තවම  අඩුවක්  නොමැති පැස තුළ
හීන  තව තර වේ
නිදි සුවය නැති රෑ ගෙවෙන කළ
සැබෑවක් වනු කෙළෙසේ....
   ශිරන්ති රන්පනාදෙණිය

 

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි