රැගෙන යනු මැනවි මතකය ....
රැගෙන යනු මැනවි මතකය ....
වටිනාම ලීයෙන් තැනූ දෙණක
සුවද කවා මල් කැටයම් කර
රේන්ද පීත්ත පටි සැටින් රෙදි
මුදු පුළුන් ඔබ්බවා පහසුවට
වෙන්දේසි කරමි
මා සතු සියලු වස්තුව
මහ පොළොවට ...
උවමනා නම් පස් පිඩක්
වීසි කළ හැකි ඔබට
ගුණ ගායනා වුව කම් නැත
හදවත බල කරත් නම්
ඉටි පහන්
මල් වඩම්
කුමට ඒ වියදම් ....
හිරුත් සැගවෙන්න අර අදී
හාත්පස ගුගුරුවා එන
මහා වැස්ස දැන් ළගයි
යා යුතුය ඔබ සැවොම ආපසු
රිසි නම් ඔබට
රැගෙන යා හැක
මා ගැන මතකය පමණක් ...
Comments
Post a Comment