ඉස්සර අපි පුංචි කාලේ අපේ ගෙදර පාන් පෙට්ටිය තුනපහ පෙට්ටිය කියලා පෙට්ටි දෙකක් තිබුණා. පාන් ගෙනාපුවාම දාලා තිබ්බ ඒ පෙට්ටියේ උඩ පියන හදලා තිබුණේ පාන් කපන්න පුළුවන් වෙන විදියටයි. තුනපහ පෙට්ටියේ තිබුණේ වැඩිපුර තිබුණ කෑම වර්ගයි. පරිප්පු, සැමන් ටින්, සීනි මුලක්, පාන් පිටි, මුංඇට, ටින් කිරි ටින් එකක්, පපඩම් මේ පෙට්ටියේ වැරදුනේ නෑ. ඒකාලේ අපේ ගෙවල් වල ශීතකරණ තිබුණෙත් නෑ නේ. අනිත් එක අද වාගේ කළින් දුරකථන ඇමතුම් දීලා ගෙවල් වලට අමුත්තන් එන්නේ නෑ නේ. අපේ ගෙදර ප්රධාන මාර්ගයක් අසළ තිබූ නිසා දුර ගමන් යන නෑදෑ හිතමිත්රාදීන් අපේ ගෙදරත් හදිසියේ ගොඩ වදින අවස්ථා එමට තිබුණා. අම්මයි තාත්තයි ත් ඉතින් ආගන්තුක සත්කාරය ට සැදී පැහැදී හිටපු දෙන්නෙක් නිසා මේ තුනපහ පෙට්ටිය ඒ වගේ වෙලාවට හරි ප්රයෝජනවත් උනා.ඒ කාලේ තාත්තා රැකියාව කරපු නිසා අඩු පාඩු තිබුණෙත් නෑ. ඒත් ඉතින් අටලෝ දහම කරකැවෙන්නේ අපිට ඕනෙ විදියට නෙවෙයි නේ. තුනපහ පෙට්ටියට අමතර දෙයක් දාන්න තියා එදිනෙදා ජීවිතය ගෙවා ගන්නේ කොහොමද කියලා හිතන්න වත් බැරි කාලයක් අපේ ගෙදර...
Comments
Post a Comment