මිතුරු තොමෝ...

මිතුරු තොමෝ........

කදුළක් වැටෙන්නට නොදී
නෙත්  පරෙස්සම් කරපු
සුසුමන් හෙලද්දී 
ඒ මන්ද විමසාපු
වරු ගනණ් ජීවිතේ 
හැම දුකම විද ගත්තු
එදා මෙදා තුර සැපක්මයි
මට ලැබුණු හිතවත්තු...

සතුටු හෝරා ගෙවෙද්දී
සිනා  ගඟ පීනන්න
අකාලේ වැටෙන 
දුක් වැස්සේ තෙමෙන්න
ලෝකයම එක්වෙලා
නිගා දෙද්දී රකින්න
දෙවියන්ගේ තිළිණෙකී 
පණ සදිසි මිතුරු දම...
      ශිරන්ති රන්පනාදෙණිය

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි