මගේ හද මල පුදමි...

පන්තියේ ඩෙස් බංකු
හූරලා නම් ලියපු
සබන් කැට තවරලා
හසුන් සුවදින් එවපු
කැන්ටිමේ පෝලිමේ
නුඹට ඉඩ අල්ලාපු
සොදුර නුඹ මගේ
ජීවිතේ  පුරවාපු

ඉදහිටක ඇනෙන කටු
කල් නෑර උගුල්ලා
මහා සුළි සුළං මැද
සසල වුව නොවැටිලා
මහා දුක් ගග මත්තේ
සදක් සේ බැබළෙනා
නුඹට පුදනට යමක්
තවම නෑ හමු වෙලා

මදාරා මල් සුවද නැති
නිමල හද මල පුදමි
අමිල රන් මුතු පැරදි
දරු සෙනේ සුවය  දෙමි
ආත්මය සිසාරා එන
සුසුම් සුවදින්  නිවමි
පුදසුනේ මතු මතුත්
නුඹේ රුව යළි  අඳිමි...
        ශිරන්ති රන්පනාදෙණිය

 

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි