අම්මේ ..ඒ රිදී ඉර නුඹද..
හැල්මේ ඇවිත් අම්මලා දුව ගෙන
රේස් එක මැද්දේ ලැබෙනා විවේකෙට
ග්ලූකෝස් දොඩම් ගිල්ලද්දී දරුවන්ට
කරාමේ වතුර මගේ බඩ පිරෙව්වේ දන්නවද...
කර ගැට පිරුණු අත් හැඩ නැතිව
ඔහේ හිර කළ කොණ්ඩ කරලට
ඉර එළිය වැදුණාම හිස පුපුරන්ට
බේරෙන කදුළු ගැන නුඹ දන්නේ නෑ නේද ..
කණ දෙපැත්තෙන් දිගට බේරෙන
පොල් තෙලුත් අතින් පිහිදදා හීයට
දුවන අතරේ බොදව ඈතින් දුටුව
මල්ලියෙක් වඩන් හිටිය රුව නුඹ නේද ...
කබඩ් එක උඩ පෝලිමට දික් වෙන
පළමු තැන දිනු පදක්කම් ගොඩ මැද
තාත්තගේ දුක්බර මදහසේ දිස්නෙට
යටින් රහසේම පේන ඒ රිදී ඉර නුඹද...
Comments
Post a Comment