සිංහයාටත් කළකිරිලාද මන්දා ..

සිංහයාටත් කළකිරිලාද මන්දා ....

හැඩූ කදුළුත් ඉන්දියන් සයුරටම එක්වෙලා
හෙලූ සුසුමන්  විකලෙන් දුවද්දී ලෝ පුරා 
හොයා ගන්නට බැරි තැනක හිනාවත් හැංගිලා 
සිංහයෝ ඇත   නුඹත් දැන් ටිකක්  සෙලවිලා...

මුහුදු සුළගින් පණ ගසා සීරුවට 
හිස කෙළින් කර මහා තේජසට
ජාත්‍යාලයෙන් පුරවා හදවත ජයට
එඩිතරව හිටියානෙ නුඹ  අපූරුවට ..

මහා කාලයක් තිස්සේ බෙරිහන් දීලාම
විලාප අදෝනා කන්නලව් අහලාම
වරදක් නැතත් විලංගු දඩුවම් ලබලාම
නුඹත් දැන් ඉන්නේ සසර කළකිරිලාවත්ද...

                     ශිරන්ති රන්පනාදෙණිය

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි