රක්ත වර්ණ කුසුමක් ...

රක්ත වර්ණ කුසුමක් පිපුණාය .....

උණුසුම් රතු ලේ උරා ගත්
රළු බොරලු පෑගී තැලුණු
දිය බිදක් නොමැති මිහි මත
පිපුණාය රක්ත වර්ණ කුසුමක් 
කවුරුත්ම නොදකින උදයේ....

සුළගටත් මිනිස්කම නැති
අහසටත් තෙත් බවක් නැති 
සියොතුන් පවා ගොළු වුණු
දැවී ගිය යුදබිම් සුසානයේ 
හිස බිමට නොනමාය ඈ දිලුනේ ....

රළු ලෙසින් හමා යන සුළගටත් 
රෑ හොරෙන් හඩනා අහසටත්
හීනෙනුත් ගැස්සෙන විහගුන්ටත් 
උගන්වා ආදරයේ සුව  ලොවටත්
පරවී ගියාය ඈ දිනක රහසේ....
 
සුමුදු පෙති අතර නොමැකුණ
රතුම  රතු ලේ බිංදු පැල්ලම්
මුරුගසන් වැස්සටත් නොමැකී
කාශ්ඨක අව්වටත් නොදැවී
කියා පෑවා  එබිම දිවි පිදූ 
උන්ගේ  හිත් වල පිරුණු ආදරේ...

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි