මං තාම තරුණයි...

මං තාම තරුණයි...

රෝස පවුඩර් කොලොන් වෙනුවට 
මේ වගේ මේකප් තිබුනා නම්
දරුවෝ මත්තෙම නැහී නොඉදින්
ශොපින් යන්නත් තිබුනා එහෙනං 

සෙනසුරාදට ඇලිස් එක්කලා
ක්ලබින් යන්නත්  මට තිබුනා නම්
ගෙට වෙලා බත් තම්බා නොඉදම
ට්‍රැවල් කර ව්ලොග් හදලා එහෙනම් 

අපේ උන්දැගේ මළ විකාරනේ
ෆැශන් ටිකකුත් මම කළා නම්
 ඉන්ස්ටා ෆ්බී මීඩියා වල 
හොදට ෆේමස් දැන් එහෙමනම් 

ඩිවෝස් වෙන්නයි තිබුණේ මට 
පොඩි එවුන් ගැන නොහිතුවා නම්
 ඉගි කරපු පීටර් එක්කම
ලිවින් ටුගෙදර්ත්   ගිහින් එහෙනම් ...

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි