මේ මතක විතරමද?
මේ මතක විතරම ද.......
සිහිල් සුළගත් හමා යන
හේමන්තයේ සැදෑවක
ඔහේ නුඹ වාගෙම සැලුනු
අකීකරු කෙහෙ රැළි ලතාවක
නිමාවක් නොවුණු නුඹේ
කිචි බිචිය අසා ගෙන
අපිටත් හොරෙන් ගෙවුණු ඒ
මතක මට විතරම ද....
දිය රැළිත් නගා සසලව
බටිත්තන් පලා ගිය
ඒ රිදී සිනා හඩ ඇසී
බිම වැටුණු තුරු පත් ද
නෝක්කාඩු වළාකුළු මැද
හැංගිලා අමනාප උනු
ඉරත් දැන් මූසලයි
නුඹ නොමැති ලෝකේ
තනිය මට විතරම ද
නොකියාම යනවට වඩා
මහ දුකක් මේ ගමන
බිදෙන් බිද ඔබ මැලවි
යනු දැකම ඉවසීම
අදත් වැටෙනා වැස්ස
සැර නැතත් පෙර සේම
වළාකුළු වටේ ඇති
ඒ රිදී ඉර ඔබද....
Comments
Post a Comment