උසාවිය ළග මුණ ගැහෙන බිරිදට ලියමි
උසාවිය ළග මුණ ගැහෙන බිරිඳ ට ලියමි...
සුදු වතට නුඹ ඔය තරම් හැඩ බව
දැනුණේම නෑ මින් පෙර දුටුව දින වල
ආලේප නැති වෙහෙසකර වත මඩල
වෙනදාට වැඩිය සුන්දරයි හිතුනා මෙමට
පෙට්ටි කඩ පේලියේ ඉස්සරහ ඉදගෙන
කුස පිරෙන්නට නොවේ වදයෙන් මිදෙන්ට
බනිසයක් කා තේ පොදක් ගිලින හැටි දුකින
දුටුවාම සීතල මහිත පිච්චුනා මහ සැරට
නුඹේ නිසසල දැමුණු රුව ළග විරාගව
බවුන් වඩනා මගේ හිත් මල චංචලව
මොහොතකට ඇදුනාට බාදුරා මලකට
නැතිවාද මට මගක් ආපසු හැරෙන්නට
ආදරේ යහමින් පුරවලා දෙපැත්තට දුවපු
තාම අල්මාරියේ යටම තට්ටුව පුරවාපු
හසුන් පත් වල මහ බරට කවි පේළි අමුණාපු
Comments
Post a Comment