කුමටද නිසල කයකට මරණ පරීක්ෂණ ...

කුමටද නිසල කයකට 
මරණ පරීක්ෂණ ....

දෙතොල් පට පැලී
ලේ බිදක සළකුණු 
තෝඩු උදුරා ගනිද්දී
ඉරුණු දෙකන් පෙති 
දෙබැම ඉදිමී රතු වී
මේස කොණ සාක්කි
තැනින් තැන  නිල් පැහැ
තැලුණු පැල්ලම් පෙනෙද්දී

හරියටම නොපෙනෙන 
බිදුණු ඉල ඇට
වසර ගණනක් ගලා 
වියළුණු කදුළු පොදි
හුස්ම ඉල්ලා කෑ ගැසූ
දුබල හදවත
මෙතෙක් කල් ඈ
පණ ඇති මරණයක්...

කුමට  මෙහෙයුම්
පරීක්ෂණ එක පෙළට
දැන්වීම් සුදු කොඩි
ශෝකාලාප පණිවිඩ 
වැල නොකැඩි පිරිවර
මියැදුණු කයට සත්කාර
මිනිසුනේ නුඹ නොදන්නා මුත්
මිය ගොසින් ඈ බොහෝ කල්....

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි