ජීවිතය යදිමි...

ජීවිතය යදිමි...

කදුළු හංගා පපුව මැද්දේ 
හිම මිදී ගල්ව  ලය පැලී
හෙලූ සුසුමින් මහමෙරත්
සෙලවුනා ලොව නොම දනී
සිතා සිතුමට තවත් දේ නැති
හිසම ගිනි ගෙන වියරු වී
කියන් සකි සද නොදුටුවෙද නුඹ 
 මා මියෙන හැටි ගිලි ගිලී....

උල් වු කඩු තුඩු සදිසි වදනින්
ගැරහුවේ මේ ලෝකයයි
අකුණු සැරටත් වැඩි තරම්
හෙලූ බැල්මින් අගුරු වෙයි
මදෙස විසි කළ ගල් මුගුරු 
වල තැලුම් ගේනා වේදනාවයි
 මිනිසුනේ ඇවිදින් බලනු දැන්
ඉතින් මට සමුදෙනු සොදයි....

                               ශිරන්ති

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි