පාර අමතක දේව දූතයා මං ...
පාර අමතක දේව දූතයා මං ...
පාර අමතක දේව දූතයා මං
මව්නි නුඹ මග ඇහිරූ
අහස් කුස තරු ලකුණු නැති
ලෝකයේ තනි වූ
මවක තුරුලේ උණුහුමේ
සරන්නට නොලැබූ
නුඹේ පුතු ලෙස උපදින්න
තවම පින් මද වූ..
විය සිදුරෙන් අහස බැලූ
බව සැබැවී
පස් මහ බැලුම් නොබැලූ බව
නම් දනිමී
ඇරයුමක් නැතිව නුඹේ කුස
පිළිපන් බැවිනී
නුඹ මා වෙන් කළේ සිතකින්
දැයි සොයමී....
පියාපත් මට බර වැඩී
උහුලන්න දැන් බැරි තරම්
පුංචි පා පොඩි රිදුම් දෙයි
ගල් බොරළු වැදිලා තදින්
සිනිදු අත්තටු හෙමින් පිරිමැද
ගී අහන්නට උණුසුමින්
අම්මේ ආයෙත් එන්න ආසයි
Comments
Post a Comment