මං නුඹේ කුමාරී ...

මං නුඹේ කුමාරී 
අග බිසවු ඔටුනු පැළැදී...

 මුදු කසී සළු වෙනුවට ලාබම
සේල් වතින් සැරසී
මුතු රන් අබරණ ගලවා
බැංකුවේ සේප්පුවට දන් දෙමී
පාසැලට ඔපීසියට යන්නට
දෝලාව මිළ වැඩී
සිව් මැදුරු කව්ළුවෙන්  හවසට
දුක් දොම්නස් පා කරමී...
මං නුඹේ කුමාරී 
අග බිසවු ඔටුනු පැළැදී ...

මාසයක් ගෙවෙන දා
බිල් කන්ද එක්ව ගෙවමී
කඩ පිලේ ගොසින් හනිකේ
රජ දරුවන් ගිනි නිවමී
දැසි දැස් පිරිවර නැති මැදුරේ
රස මසවුළු තනිවම  පිසමී
රජතුමනි දුක් නොවන් නුඹ 
සක්විති නොවුණාට  කම් නැතී...

මං නුඹේ කුමාරී 
අග බිසවු ඔටුනු පැළදී....

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි