මවකගේ විලාපය ..

මවකගේ විලාපය ....

මා සතු සියලු වත්කම්  ද
මගේ රුහිරු සහ දහදිය 
ඇට මස් සමග මගේ කදුළු ද
උදුරා ගනිල්ලා පාගා දමල්ලා...

අන්තිම හුස්ම පොද වැටෙනා තුරු
පණ නල ලොවට මුසු වන තුරු
සංසාරේ සරනා දිනය  නිම වන තුරු 
අත නොතබල්ලා මා දරුවනට...

දරු දුකට  හෙලන මවකගේ විලාපය 
ලෝකය දෙදරවා ගිනිකඳු පුපුරවා
නුඹ බිහිරි කරනවා නියතයි...
ඒ ලයේ ගිනි ලොව දවනවා සත්තයි ...
(මව්වරුන්ගේ දිනය වෙනුවෙනි )

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි