සුර ලොවින් මෙලොවට එපා ඉණිමන් බදින්නට ...
සුරලොවින් මෙලොවට එපා ඉණිමන් බදින්නට .....
පත්තරේ දැක්කේ මං
නුඹ දාපු විස්තරේ
නොරටක ඉදන් නුඹ මාව
හොයන ඒ කතන්දරේ....
බියෙන් ගැහෙනා හදින්
ගත්තු ඒ පින්තූරේ
ඉන්නේ මං තමයි
හොවා ගෙන උඹ කරේ ....
කැකුළු දා වින කළ
රුදුරු වලසෙකු ට දාව
කැකුලක්ව පිපෙන්නට
ඉඩ දෙන්න හිතුනේ නෑ එදා මට....
වැලේ ගෙඩි වැලටම
බරක් නොවුනත් කිසිදාක
නිල මැසි ,බඹර වන මැද
මමත් කැකුලකි එදා මග හොයන
සුරලොවින් මෙලොවට
එපා ඉණිමන් තනන්නට
ගොහොරු මඩ විමානෙක උපන්
මතක අමතක කර ලන්න
හැම රෑට තුරුලට අරන් නුඹ
දුවේ කියලා හිස සිඹිමි මම
මහ සුළං කෝඩ මැද සීරුවට
තනා ගත් කූඩුවක් රකිමි අද.....
Comments
Post a Comment