හේමපාලව ඇදන් වැටිලා ...

හේමපාලව ඇදන් වැටිලා ...😢

වසර විසි තිස් ගාන නගිනා
 කන්ද අද තව උස් වෙලා
හදිසියේ දිව යටට රිංගන
බෙහෙත් පෙත්තත් හැංගිලා 
පාන් ගෙඩියට තනි රැක්ක ඒ
ලූණු ගෙඩි ටික ඉහිරිලා
ගුරු පාර ළග කන්ද පාමුල 
හේමපාලව ඇදන් වැටිලා

 සාගින්න නිවු කොස් බතල වල
කොලෙස්ටරෝලුත් තියෙනවාද
දෙවියන්ට අල්ලපු සුවද දුමටත්
පෙණහැල්ලේ  දුම් බැදෙනවාද
හාමතේ ඉන්නා තරමටම 
ප්‍රෙශෙර් එක තව වැඩිත් වෙනවද
මියැදිච්ච හිතකට ලේ අරන් ගිය 
නහර  තව පිපිරුනේ කොහොමද 

කුසුමා හැර ගිය දවසේ ඉදලම
ඇස් දෙකත් ළිං පතුල වාගෙයි 
ජීවිතේ බර තනිව ඇදලම
කයත් දැන් දර ඉපල් ගානයි
ඔපීසියේ ලොකු මහත්වරු ළග
ඔලුව නැමෙනා වාර බොහොමයි
ඉතින් නුඹ ඩිංගක් නොනැමුණේ ඇයි
කන්ද මට නම් හරිම තරහයි.....

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි