නුඹට මවක වෙමි ...

නුඹට මවක වෙමි...

සසර  සරනා ගමනේ
නුඹේ කුස මට දන් දී
මෙලොව දකින්නට 
දෙනෙත් තනාදී
යහගුණ දම් පිරි
දුවක ලොවට පුදදී
අපමණ සෙනෙහෙන්
මා දැඩි කළ මෑණී....

නුඹේ කිරෙන් පෙවූ මනුදමේ
රසෙන්  දිවිය විදිමී
මහමෙරක් සේ නොසැලෙනා
දිරිය පසක් කරමී
හිරු කිරණ සේ නොසිදෙනා
කරුණාව බෙදමී
සවි බිදී  මා අවැසි දා
නුඹට මවක වන්නෙමී....

ශිරන්ති රන්පනාදෙණිය

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි