කරුම කද...උරුම කළ ...
කරුම කද උරුම කල...කෙළෙස නවතිනුද මම ...
මතින් සිහි දුරස් කර
මව් කුසට මා බරක් කළ
පියෙක් ඇති කොහේ හෝ මට....
ලෝකයක නිගරු විද
කුස සැහැල්ලු කර ගත්
මවක් හිදින්නට ඇත මට....
හිරු නැගෙන උදයේ
සද නැගෙන අදුරේ
ගැහෙන හදවත බරයි මට...
එහෙත් නවතිනු කෙළෙස
කරුම කද කර පින්නා ගත්
ජීවිතයක් තියෙනවා මට.....
Comments
Post a Comment