මළවුන්ගේ මාසේ....

සුසානයේ ළග  මල් කඩේ....

මළවුන්ගේ  මාසයේ
 අහස හරි දුක්බරයි
සීතලට  කළු කබා 
පොරව ගත්තා වගෙයි 
කඩින් කඩ සීරුවට 
 වැහි කදුළු වට්ටවයි 
හිනා කළදක් නැතිව
 හාත්පස මූසලයි..

උණුහුමේ පොරෝනා තුළ 
ගුලි වෙද්දි හැමෝම 
මළවුන්ට මල් දෙන්න 
එන කෙනෙක්  නැති හැඩයි
මිලින වී යන්න පෙර 
රත් පැහැති රෝස මල්
පුදන්නම් නාදුනන 
හිතවතුනි නුඹලාට
කවදා කෙළෙස මෙලොව 
 හැර ගියාදැයි නොදැනම....😢😢

Comments

Popular posts from this blog

සීවලී හාමුදුරුවෝ..

පන්සල

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි