දුවේ නුඹටත් හිමී මට වගේ තාත්තෙක් ...
දුවේ නුඹටත් හිමී
මට වගේ තාත්තෙක් ....
වෙව්ලලා උණ තියෙද්දිත්
තුරුළු කර සෙනෙහසින්
පුතේ බත් මුල ගත්තා ද
කීප සැරයක් මතුරමින්
පාන්දර දොර ළගට දුවවිත්
කුඩේ අතටම සිහි කරන්
නළල සිඹ සියලු වස්දොස්
දුරු කෙරූ තාත්තෙක්
දුවේ නුඹටත් හිමී
මට වගේ තාත්තෙක්....
පිටින් ලද රස බොජුන
කඩදාසි කොළයක ඔතන්
අහස කළු කරන දා
මහ පාර මුර කරන්
පැටලිලා නුඹ වැටෙයි
ලේස් ටික තද කරන්
ජීවිතේ තුන් තිස් පැයේ
අපි රැක්ක තාත්තෙක්
දුවේ නුඹටත් හිමී
මට වගේ තාත්තෙක්...
හෙලන හුස්මක් ගානේ
සුන්දරම මතකයක්
හඩන්නට ඇවැසි කල
දුක අහන උරහිසක්
රිදුම් පිරිමැද හෙලන
සොදුරුතම සිනාවක්
තාත්තෙක් කියන්නෙම දූට
නිමක් නැති කතාවක්
දුවේ නුඹටත් හිමී
Comments
Post a Comment