Posts

Showing posts from October, 2024

කහ පාට හීනයක් ..

Image
කහ පාට හීනයක් ... ම තකද අපි මැවූ හීන තෙරක් නැති හෙට දවස ගැන ජීවිතේ සුන්දරයි මග දෙපස කහ පාට පිරුණාම යොවුන් ප්‍රේමය  විතරමයි ඒ කාලේ තිබුනු වත්කම හදුන ගෙන තිබුණෙ නෑ අපි අපිවවත්  හරියටම ... ආපසු හැරී බැලුවාම පුදුමයි මහ දුරක් ඇවිත් නොදැනීම ඉමක් නම් පෙනෙන්නට  නැතත් අත පොවන ළග පාත මල් පිපී පරවුණා හැමදාම කොළ හැලී දළු දැම්මා කහ පාට හීන තව ඇබිත්තක් හිත කොණේ මිරිගුවක දිළිසෙනවා දුටුවාද.....                      ශිරන්ති රන්පනාදෙණිය  

මුතු බෙල්ලක වෙමි මා...

මුතු බෙල්ලක වෙමි මා.... නිදි වැරූ නෙත් මටත් රහසෙම හෙලූ කදුළක ශේෂයක්දෝ චණ්ඩ වැලි රළ කැපුම් ඇති කළ වේදනාවේ සළකුණක්දෝ ලොවට රහසෙම දරා විද ගත් මහා රිදුමක මතකයක් දෝ රුවින් ගෙල මත දිලී බැබලෙන මුතු බිදක දුක නුඹ  දනීදෝ.... වැරෙන් වැළඳ ගෙන ගල් පවුර තව තදින් හැපී වැදී එන යෝධ රළ පෙළට බියෙන් දොවා ලවණ දිය කැපී රිදුම් දෙන තැලුම් මුතු බිහි කර මියෙනා බෙල්ලක වූයෙමි මම්....                             ශිරන්ති රන්පනාදෙණිය 

හීන ලුහුබැඳ ....

Image
හීන පැස පිරිලා.... හීන මහ බරට පටවා දෙවුරහිස් මත්තේ පිට  කොඳුත් කුදු වී ඉපැදුණු දා සිටම ඇත්තේ ගල් මුල්ද  රුදුරු හුල් සේ අවුරාය  මග දෙපසේ පයත් පැටලේ වැටෙයි වරින් වර ගමනේ ලදු කැලෑ  ගහනයි සියුම් කටුද එහි ඇත්තේ සියොළගම හීරෙයි දැවෙයි ගලයි   තව රතු ලේ තවම  අඩුවක්  නොමැති පැස තුළ හීන  තව තර වේ නිදි සුවය නැති රෑ ගෙවෙන කළ සැබෑවක් වනු කෙළෙසේ....    ශිරන්ති රන්පනාදෙණිය