Posts

Showing posts from July, 2024

රැගෙන යනු මැනවි මතකය ....

Image
රැගෙන යනු මැනවි මතකය ....  වටිනාම ලීයෙන් තැනූ දෙණක සුවද කවා මල් කැටයම් කර රේන්ද පීත්ත පටි  සැටින් රෙදි  මුදු පුළුන් ඔබ්බවා පහසුවට වෙන්දේසි කරමි මා සතු සියලු වස්තුව  මහ පොළොවට ... උවමනා නම් පස් පිඩක් වීසි කළ හැකි ඔබට ගුණ ගායනා වුව කම් නැත හදවත බල කරත් නම් ඉටි පහන්  මල් වඩම් කුමට ඒ වියදම් .... හිරුත් සැගවෙන්න අර අදී හාත්පස  ගුගුරුවා එන මහා වැස්ස දැන් ළගයි යා යුතුය ඔබ සැවොම ආපසු   රිසි නම් ඔබට රැගෙන යා හැක  මා ගැන මතකය පමණක් ...   ශිරන්ති රන්පනාදෙණිය ..

ජීවිතය ගලා යයි...

Image
ජීවිතය ගලා යයි......  හුළගකට වැටුණාම මලක් පරවෙනවාද වැස්සකට තෙමුණාම පෙති තැලී යනවාද අව්වකට දැවුණාම පැහැය අඩු වෙනවාද  මිහිකතට මලක් පිදු සෙනෙහසක් දුටුවාද  කෑ ගසා හැඩුවාට කදුළු ගග සිදුනාද සෝ සුසුම් හෙලුවාට හිත තුටින් පිරුණාද ආදරෙන් උන්නු අය අද කොහේ කොතැනකද ජීවිතය ගලන මග කවුරු නම් දන්නේද....       ශිරන්ති රන්පනාදෙණිය

මිතුරු තොමෝ...

Image
මිතුරු තොමෝ........ කදුළක් වැටෙන්නට නොදී නෙත්  පරෙස්සම් කරපු සුසුමන් හෙලද්දී  ඒ මන්ද විමසාපු වරු ගනණ් ජීවිතේ  හැම දුකම විද ගත්තු එදා මෙදා තුර සැපක්මයි මට ලැබුණු හිතවත්තු... සතුටු හෝරා ගෙවෙද්දී සිනා  ගඟ පීනන්න අකාලේ වැටෙන  දුක් වැස්සේ තෙමෙන්න ලෝකයම එක්වෙලා නිගා දෙද්දී රකින්න දෙවියන්ගේ තිළිණෙකී  පණ සදිසි මිතුරු දම...       ශිරන්ති රන්පනාදෙණිය