Posts

Showing posts from April, 2021

තාත්තගේ වෙස්සන්තර දානේ

Image
තාත්තගේ වෙස්සන්තර දානය             මම පුංචි කාලේ ඉඳලා ලියන්න ආසයි. මම ලියන කියන දේවල් අනිත් අයගේ හිතේ මැවෙන්නේ කොහොමද කියලා දැන ගන්න මම ආසයි. මගේ තාත්තා ඉස්සර අපිවත් ළඟ තියා ගෙන තාත්තාගේ පොඩි කාලේ ගැන ජීවිතේ ලබපු අත්දැකීම් ගැන කතා කියනවා. ඒවා හරිම රසවත්. දැන් දෙමාපියන් ඒ වගේ කරනවද කියලා මම දන්නේ නෑ. ටික දෙනෙක් කරනවා ඇති. මම හුඟක් වෙලාවට හැම දෙයක් දිහාම බලන්නේ හරිම උනන්දුවකින්. ඒ හින්දාමද මන්ද මට ගොඩක් දේවල් ගැන හොඳ මතකයක් තියෙනවා. ළමා කාලය සහ ජීවිතේ විශේෂ අවස්ථා හුඟක් මට මතකයි. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ ඒ වගේ මට අවුරුදු නවයක් විතර කාලෙදි වෙච්ච අමතක නොවන සිදුවීමක්.        අපි පුංචි කාලේ හැම මාසෙම හතර වෙනිදා  අපේ පේරු දානේ. තාත්තාගේ අම්මා ගාල්ලේ ආච්චි නැති වුණ දවස් තමයි ඒ. සීයලා දෙන්නා සහ පසු කලෙක වියෝ වුණ අනිත් ආච්චි සහ වර්ග පරම්පරාවේ පරලෝ සැපත් නෑයින්ට පින් අනුමෝදන් කරන්න තමයි ඒ මාසික දානය දුන්නේ. එදාට අපිට විශේෂයි. අම්මා සිකුරාදා පොළෙන් හරි කඩපොළෙන් හරි ගිහින් අවශ්‍ය අඩුම කුඩුම ටික ගේනවා. ඉ...

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි

මාර්තා හාමි නොහොත් මල්වානේ ආච්චි...               මල්වානේ ආච්චී මගේ අම්මාගේ මවය. ඈ ජීවත් වූයේ ලංකාවේ රඹුටන් වලට ප්‍රසිද්ධ වූ මල්වානේ ගමේ බැවින් අයියලා පුංචි කාලේදී ආච්චිට මේ නම දී තිබේ. ඈ අපේ නිවසට පැමිණියේ ඉතා අඩුවෙන් බැවින් මට ඈ ගැන ඇත්තේ ඉතා සීමිත මතකයන් කිහිපයකි. සාම්ප්‍රදායික අත්තම්මා කෙනෙකුගෙන් හැඩ රුව සහිත ඈ රවුම්, කරුණාවන්ත මුහුණකින් යුතු වූ අතර කටේ ඉතා අඩු දත් ප්‍රමාණයක් වුවද සිරියාවන්ත හිනාවක් හිමි තළෙළු කාන්තාවක් වූවාය. හදිසියේ පටලවා ගත් වොයිල් ඔසරියකින් සැරසී පැමිණෙන ඈ විශේෂයෙන් පැමිණියේ රඹුටන් වාරයේදී බව මට මතකය. වේවැල් කූඩයක් පිරෙන්නට වියන ලද පොල් අතු ගොටුවක තද රතු පාට, කහ පාට, තැඹිලි පාට, ලා රතු පාට රඹුටන් ගෙඩි  අප සිත් සතුටින් පිරවූ හැටි නම් මට අද වගේ මතකය. ඉතා මිහිරි රසින් යූතු, ගහේ ඉදුණු, දතට අසුවෙන සැණින් මදය ගැලවෙන ඒ වාගේ රඹුටන් අද කාලේ සොයා ගැනීමට නොහැකි තරම්ය. අදටත් මට රඹුටන් දකින හැම විටම මල්වානේ ආච්චී ගේ රඹුටන් කූඩය සිහියට නැඟේ.            මල්...

මම තාමත් ආසයි අම්මේ..

මම තාමත් ආසයි අම්මේ...         රෑට කට්ටියම එකතු වෙලා රූපවාහිනිය නරඹන කොට චූටි දුව ගිහින් ඇඳේ තාත්තයි මල්ලියි අතර පල්ලෙහා චූටි ඉඩකඩේ ගුලි වෙනවා. චූටි පුතා හෙමින් හෙමින් අක්කව කකුලෙන් පල්ලෙහාට තල්ලු කරනවා. එයා එහෙම කරන්නේ අක්කව කේන්ති ගස්සන්න.එතකොට මමයි සැමියයි පුතාට කෑ ගහලා ඒක නවත්තනවා. මේක දැකලා මට මං පුංචිම කාලේ මතක් වුනා. තාත්තා ගෙදර ඉන්න කොට මං තාත්තා එක්ක නිදියන්නේ. නංගී අම්මා ළඟ. ඒත් තාත්තා මාස ගණන් රැකියාවට වෙන ප්‍රදේශවල ගියාම පොඩි අයියා මාව අඬ ගහ ගන්නවා එයා ළඟට. එයා රෑට දත් මිටි කනවා. නින්දෙන් සැර පාරවල් මට වදිනවා. මං ආස නෑ එයා එක්ක නිදා ගන්න. ඒත් එයාට තියෙන බයට යනවා. මම රෑ මැදියමේ කොට්ටෙයි රෙද්දයි අරගෙන අද චූටි දුව කරනවා වගේ අම්මගෙයි නංගිගෙයි ඇඳ පල්ලෙහා දෙපා තියෙන හරියෙන් ඇල වෙනවා.          මට අවුරුදු දහයක් විතර වෙනකොට මම තනියෙන් නිදා ගන්න පුරුදු වුණා.තාත්තාත් කිව්වා ඒ විදිය හොඳයි කියලා. ඉන්පස්සේ නේවාසිකාගාරයේ ජීවිතයත් එක්ක කොහොමටත් තනි ඇඳක තනියෙන් නිදා ගන්න මම පුරුදු වුණා. ඒත් හැන්ඳෑවකට, වහින වෙලාවකට, ...