පන්සල
මතක පොතට....ගමේ පන්සල.......... කාර්යබහුලත්වයත් එක්ක ලියන එකත් අමතක වෙන අවස්ථාවන් නැතුවා ම නෙවෙයි.ඒත් ඉඩක් ලැබුණු ගමන් මගේ මතක පොත ට අලුත් පිටුවක් එක් කරන්න යි මම උත්සාහ කරන්නේ. අපි පුංචි කාලේ දහම් පාසල් ගිය සිල් සමාදන් වුණ ගමේ පන්සල මගේ ජීවිතේ අමතක නොවන තැනක්. අවුරුදු විසි පහකට ආසන්න කාලයකින් මම ඒ පන්සලට නොගිය නිසා මම තාමත් හිතින් දකින්නේ ඒ පරණ පන්සලමයි. ඒත් දැන් පන්සල භෞතිකව හුගාක් වෙනස් වෙලා ඇති..ඒත් සදධාව කියන දේ ගැන අංශු මාත්‍රයක් වත් නොදන්නා පුංචි කාලේ සංවර කම,සිල් වත් බව ,හැදියාව ,ආත්ම ගරුත්වය මේ වාගේ බොහෝමයක් වටිනාකම් පුංචි අපේ හිත් වලට ඇතුල් කරන්න අපගේ දෙමාපියන් ගුරුවරු න් වගේම පන්සල ත් සම සමව දායක වුණා. පුංචි කාලේ දරුවෙකුගේ හිත ට යම්කිසි කෙනෙක් ගැන චරිතයක් ගැන ඇති වෙන හොද හෝ නරක ආකල්ප ඒ දරුවාගේ ජීවිතය පුරාවටම අරක් ගන්නවා කියන දේ මම ජීවිතේ බොහෝ තැන්වල දැක්ක දෙයක්. අදටත් මුලු මහත් භික්ෂූ සමාජය දෙසම නොසැලෙන ගෞරවයෙන් දකින්න මට පුළුවන් වුණේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නිසයි. උන්වහන්සේ වච...