Posts

රාජාලියාගේ ජයග්‍රහණයේ පියෑඹුම......

රාජාලියාගේ ජයග්‍රහණයේ පියෑඹුම.......                 මෑතකදී මුහුණු පොතේ මට කියවන්නට ලැබුණු රාජාලියා පිළිබඳ  විශේෂ වූද වේදනාත්මක වූද තොරතුරු කීපයක් ඔබ හා බෙදා ගන්නට සිතුවෙමි. දැනටත් ඒ ගැන දැනුවත් අය ඇති. ඒත් ඒ ගැන නොදන්නා අය ඇත්නම් මේ ඔවුන් වෙනුවෙනි.               රාජාලියන් සාමාන්‍යයෙන් අවුරුදු 70ක් පමණ කාලයක් ජීවත් වේ. නමුත් ජීවිතයේ අතරමගකදී එනම් අවුරුදු 40දී පමණ ඔවුන්ට ඉතා බැරෑරුම් තීරණයකට මුහුණ දීමට සිදු වේ. එනම් ඔවුන්ගේ නියපොතු ඉතා දිගු ලෙස වැවීම සහ නැමෙන සුළු ගතිය නිසා වෙනදා මෙන් ගොදුරු ඩැහැ ගැනීමට සහ දුර රැගෙන යාමට අපහසුතා ඇති වේ. හොටය දිගු ව උල් හැඩයක් ගන්නා අතර පපුව දෙසට නැමෙන හෙයින් හොටින් ප්‍රයෝජන ගැනීමටද අපහසු තත්වයකට පත් වේ.වයස්ගත වුණු තටු වල ඇති පිහාටු බර ගතියෙන් වැඩි වන නිසා පියාඹා යෑමට ද ගැටලු ඇති වේ. එහෙයින් ඌ ඉතා අසරණ තත්වයකට පත් වේ.             මෙහිදී ඔවුන්ට විසඳුම් දෙකක් තිබේ. එකක් නම් හාමතේ මිය යන තුරු බලා සිටීම හෝ අළුත් හොටක් ලබා  ගැනීමේ වේදනාත්මක ශ...